සැකකරු අල්ලන්න ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි

ජාඇළ පොලිසිය ආසන්නයේදී ජාඇළට පැන පළා යාමට උත්සාහ කළ සැකකරුවෙකු ලුහුබැඳ ගොස් අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබෙනවා.

ඒ මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම සේදවත්ත ප්‍රදේශයේ තිබියදීයි.

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ජා-ඇල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු ඊයේ අධිකරණයට රැගෙන යාමට පොලිස් රථයට නංවා ගැනීම සඳහා රැගෙන එමින් සිටියදීයි පලා ගොස් තිබුණේ.

එම අවස්ථාවේ දී අත් මාංචු ද සමග සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජාඇළට පැන පලා යාමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ලුහුබැඳ ගොස් තිබෙනවා.

එලෙස ඇලට පැන තිබූ ජා-ඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි වයස අවුරුදු 26ක් වූ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අතුරුදන්ව සිටියා. අවිවාහකයකු වූ මෙම පොලිස් නිලධාරියා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පලායාමට සුදානම් වූ සැකකරු අනෙකුත් නිලධාරීන් විසින් යළි අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?