නිවසක සඟවා තිබූ බීඩිකොළ තොගයක් සොයා ගැනේ

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් නිවසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 1200ක් තම භාරයට ගෙන ඇති කල්පිටිය පොලීසියේ නිලධාරීන් පුද්ගලයින් දෙදෙනෙකුව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 22 වැනිදා කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද බීඩිකොළ තොගයක් කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

මෙම බීඩිකොළ තොගය පොලිතින් උර 40ක අසුරා තිබී සොයා ගැනුණා.

සැකකරුවන් කල්පිටිය – ඒත්තාලේ, එරඹුගොඩැල්ල පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා සහ බීඩිකොළ තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට
නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?