නිවසක සඟවා තිබූ බීඩිකොළ තොගයක් සොයා ගැනේ

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් නිවසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 1200ක් තම භාරයට ගෙන ඇති කල්පිටිය පොලීසියේ නිලධාරීන් පුද්ගලයින් දෙදෙනෙකුව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 22 වැනිදා කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද බීඩිකොළ තොගයක් කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

මෙම බීඩිකොළ තොගය පොලිතින් උර 40ක අසුරා තිබී සොයා ගැනුණා.

සැකකරුවන් කල්පිටිය – ඒත්තාලේ, එරඹුගොඩැල්ල පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා සහ බීඩිකොළ තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට
නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14