උසස් පෙළ කල් දැමිය නොහැකියි – අධිකරණය දැනුම්දෙයි

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

අදාළ විභාගය කල් දැමිය නොහැකි බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට තරම් පදනමක් නොමැති බවට කරුණු අනාවරණය වන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාරයට උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවහොත් සෙසු විභාග ද කල් යාමේ අනතුරක් මතුවන බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කළ නොහැකි බවත් ඔවුන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නීතිඥවරියක් අධිකරණය ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

කණිෂ්ක සඳරුවන් ඇතුළු උසස් පෙළ විභාග අපේක්ෂකයින් තුන්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ උසස් පෙළ විභාගයේ නිර්ණායකයන්ට අනුව දින 495 ක අධ්‍යයන කාලසීමාවක් හිමිවන බවයි.

එහෙත් රටේ ඇති වූ විදුලි අර්අබුදය ඇතුළු විවිධ අයහපත් හේතු නිසා මෙවර එම අධ්‍යයන කාල සීමාව දින 300කට පමණ සීමා වී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ හේතුවෙන් සියලු විෂය නිර්දේශ කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවහොත් තමන්ට දැඩි අගතියක් සිදු විය හැකි බවයි කියා සිටින්නේ.

ඒ අනුව අදාළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ,විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39