වව්නියාවේ ලොකුම වැවේ වාන් දොරටු ඇරේ (ඡායාරූප)

උතුරු පළාතේ ප්‍රදේශ රැසකට ද පවතින වර්ෂාව හමුවේ වව්නියාව දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශයක් වූ පාවක්කුලම වැවේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වැවේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බවයි.

පාවක්කුලම වැවේ ජල මට්ටම සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් අද (22) සිට වාන් දොරටු 3ක් විවෘත කිරීමට පියවර ගත් බවයි වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.

අක්කර අඩි 27,000ක ජල ධාරිතාවයකින් යුත්පාවක්කුලම වැවෙහි පළමු වතාවට වාන් දොරටු දෙකක් අඟල් 12 බැගින්ද වාන් තවත් වාන් දොරටුවක් අඟල් 18 බැගින් ද විවෘත කර තිබෙනවා.

ඊයේ (21) සවස වන විට මෙම වැවෙහි ජල ධාරිතාව අක්කර අඩි 26,000 ඉක්මවීමෙන් පසුව ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවයි දිස්ත්‍රීක් ලේකම්වරයා කියාසිටියේ.

වාන් දොරටු විවෘත කිරීමෙන් පසු තත්පරයට ඝන අඩි 680ක ජල ධාරිතාවක් වැවෙන් මුදාහැරෙන බැවින් පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටින ලෙසට ද දැනුම් දෙනවා.

පාවක්කුලම වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත්බිම්වල සිටින ජනතාවට ඇති විය හැකි බලපෑම පිළිබඳව සොයා බැලීමට ද වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුලු වාරිමාර්ග නිලධාරීන් පිරිසක් විසින් පාවක්කුලම් වැව හා අවට ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වෙමින් ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27