පොලිසියට තග දැමූ වැලිමඩ ප්‍රා.සභා හිටපු සභාපති හිරේ – සැඟව සිටි කාලය තුළ රටත් ගිහින් ඇවිත්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු පසුගිය ඔක්තෝම්බර් 24 වන දින කැප්පෙටිපොළ නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සාපරාධී බලහත්කාරය පෑමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භකර තිබූ අතර, ඒ වනවිටත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි බවයි හෙළිව ඇත්තේ.

එලෙස සැඟව සිටි කාලය තුළ මෙම සැකකරු දින කිහිපයක විදෙස් සංචාරයක් සඳහා ගොස් නැවත ලංකාවට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුව අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (20) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතක තිබෙනවා.

කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු 60ක පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01