මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයකට වැඩි ප්‍රේක්ෂකයින්ට ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායමට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම සම්බන්ධයෙන් අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී කිරුළ සඳහා ඉන්දීය කණ්ඩායමට සහායවීමට නිල් පැහැති ඇඳුමින් සැරසුණු එක්ලක්ෂ තිස්දහසක පමණ පිරිසක් ඊයේ ක්‍රීඩාංගණයට රැස්ව සිටියා.

කෙසේ වෙතත් පිටියේ හතරේ සීමාවෙන් ඇතුළත ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 11 දෙනා ආධිපත්‍යය දැරීමත් සමඟ ඉන්දීය ප්‍රේක්ෂකාගාරය මීයට පිම්බා සේ නිහඬ වුණා.

එලෙස නිශ්ශබ්ද වීම හේතුවෙන් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට මේ වනවිට දෝෂාරෝපණ එල්ල කරන්නට පටන්ගෙන තිබෙනවා.

තරගයට පෙර දිනයේ දී ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ප්‍රේක්ෂකාගාරය නිශ්ශබ්ද කිරීම තම අරමුණ බව පවසා තිබූ පසුබිමක එම අරමුණ සාර්ථක කර ගැනීමට මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් සහාය වූ බවටයි චෝදනා කරන්නේ.

රෝහිත් ෂර්මාගේ කණ්ඩායමට වඩාත් අවශ්‍ය වූ අවස්ථාවලදී පවා කණ්ඩායමේ මනෝභාවය ඉහළ නැංවීමට ප්‍රේක්ෂකාගාරය අපොහොසත් වීම ගැන මෙලෙස දොස් පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණේ.

ඉන්දීය පිළට අවසන් මහා තරගය ජයගැනීමට නොහැකි බව වටහාගෙන ඇතැම් ක්‍රීඩාලෝලීන් වේලාසනින්ම ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගිය ආකාරය ද දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පැට් කමින්ස් ප්‍රකාශ කළේ ප්‍රේක්ෂකයින් නිහඬව සිටීම ගැන තමා සතුටු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
62
+1
0
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34