CID ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති අත්අඩංගුවට

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජීව මහවත්ත අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් මෙම සැකකරු විසින් අද පෙරවරුවේ දී පොල් ගසා සිය විරෝධය පළ කර ඇති බවයි.

මේ නිසා අද පෙරවරුවේ සිට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු බව ද වාර්තා වනවා.

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගෙඩියක් ගැසීමත් සමග ඔහු ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි සඳහන් වන්නේ.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර සැකකරුව කොටුව පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?