සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සිය 06 වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ඒ, අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවති 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය කඩුලු 06කින් ජය ගනිමින්.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 240ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන් මැදපෙළ පිතිකරු ලෝකේශ් රාහුල් පන්දු 107ක් තුළ ලකුණු 66ක් රැස් කිරීමට සමත් වුණා.
සෑමදාම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙන නායක රෝහිත් ශර්මා අද දිනයේ ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 47ක් එක් කළේ පන්දු 31කට මුහුණ දෙමින්.
ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වූ අතර, ඉන්දීය ඉනිම වෙනුවෙන් වාර්තා වූ හයේ පහරවල් තුනම ඔහු විසින් එල්ලකරනු ලැබුවා.
ඊට අමතරව විරාට් කෝලි මෙම තරගයේ දී ලකුණු 54ක් රැස් කිරීමට සමත් වූ අතර, අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ළඟාවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කරමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන් අසීරුතාවයට පත්කරන ආකරය දැකගත හැකි වුණා.
කඩුලු දවාගැනීමේ දී මිචෙල් ස්ටාක් ලකුණු 55කට කඩුලු 03ක් බිඳ දැමූ අතර, නායක පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.
ඒ, අනුව ලකුණු 240කට ඉන්දීය ඉනිම සීමා වූ අතර, ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 241ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට හිමි වුණා.
අනතුරව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ පළමු කඩුලු 03 ලකුණු 50කටත් අඩු සංඛාවක දී දවාගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේ වෙතත් පිටියේ ස්ථාවර වූ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ මැදපෙළ පිතිකරු මාර්නස් ලැබුස්චේන් ඕස්ට්‍රේලියානු ජය මාවත සකසා දුන්නා.
ඒ, අතර වාරයේ ට්‍රැවිස් හෙඩ් එක්දින දිවියට අමරණීය මතකයක් එක්කර ගනිමින් සිය 05වන ජගත් එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
මෙහි දී තරගය විස්තර විචාරයේ දී සිටි විස්තර විචාරකයින් 1996 වසරේ ශ්‍රී ලංකා ලෝක කුසලානය ජයග්‍රගණය සිහිපත් කරමින් අරවින්ද ද සිල්වා ලබාගත් ශතකය ගැන ද මතකය ආවර්ජනය කළා.
ට්‍රැවිස් හෙඩ් මෙම තරගයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 137ක්.
මේ අතර අනෙක් අන්තයෙන් ට්‍රැවිස් හෙඩ්ට අනෙගි සහායක් ලබාදුන් මාර්නස් ලැබුස්චේන් ඕස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 58ක් එක්කළා.
පන්දු යැවීමේ දී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 02ක්, මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
ඒ, අනුව පන්දුවාර 43ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කෝටි 140ක් වූ ඉන්දියානු ප්‍රේක්ෂකයින් හඬවා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කීමට සමත් වුණා.




















APE TEAM EKATA AUSSIE SA INDIAS LAGEN IGENA GANNA WATINA PADAM GODAK THIYENAWA. AUSSIE LAGEN,1. UNA DEYIN PADAM IGENA GENA NEWATHA ESE NOWEEMATA HONDHIN SUDANAM WEEMA. 2. DURA DAKNA NUWANA 3. GIYA UNTA NOBENA THAMUGE WARAYA AWITHA RATA GENA SITHA UPARIMAYA KIREEMA. 4. NOHAKA, BARIYA YANNA THAMA SITHEMA PAWATHINA DEYAK MISA PRATHIWADHIYA DENA DEUAK NOWANA BAWA. 5. WATUNA WITA NAGEE SITEEMA. 6. ANITH ANTHAYE SITINA THAMUNGE KENA GENA SITHEEMA SAHA THAMUNTA PASU ENA AY GENA SITHEEMA. INDIA WALIN, 1. THAMA PRATHIWADHIYA KISI WITHEKA AWA THAKSERU NOKIREEMA 2. POLOWA MATHA DAN SIDU WENA SIDU UNA DEYA BALA KALIN KALA SELASUM WENAS KIREEMA 3. PRATHIWADHIYATA AWASI LESA THAMUNTA WASI LESA PITIYA SEKASEEMA 4. KASIYE WASIYA HEMAWITA THAMUNTA LABENA BAWA SITHEEMA. 5. PARAJITHAYINTA GERAHEEMA. 6. PRATHIWADHIYAGE ALUTH DURWALA THA HANDUNA NOGANEEMA. 7. KREEDAWE WAGAKEEM BARA MISA WENATH BAHIRA DEYA GENA NOSITHEEMA. THAWA GODAK THIYENAWA, DENATA ME ATHI.
ITHIHASAYA NEWATHA NEWATHA SIDHU WEEMAK DHA ME? MATA MATHAKA HATIYATA MAMA LIYANNE, WERADHI NAM SAMA WENNA, 96 DHI AUSSI LA AWITH 241 GAHUWA. MEKETH INDIANS LA GAHUWE 240YI. API AWITH 243 GAHUWA MEKETH EHEM USSILA AWITH 242 GAHUWA. APE GIVE WICKET 3 HO 4L. AUSSI LATH WICKT 4YI. PERADUNA TEAM EKA AWE 1ST BATTIN DEKEMA. 2ND BATTIN KALA API SAHA MEDHA AUSSI LA DINUWA. EDHA API CUP EKA ISSUWE INDIA YABADHA PAKISTAN WLA. ADHA AUSSI LA CUP EKA ISSUWE PAKISTAN YABADHA INDIA WALA. EDHA AUSSILA TA GROUND SUPPORT NAHE PAKISTAN SUPPORT KALEYI APITA. MEDHA INDIA WALA AUSSIE LATA SUPPORT NAHE, CROWN EKA SUPPORT KALEYI INDIA WATA.EDHA API TOSS EKA DINALA AUSSI LATA DUNNAMA LEGEND LA EKA MODA DECISION EKAK KIYUWA.MEDHA AUSSI LA DINALA BATTIN INDIA WALATA DUNNAMA EKA MODA DECISION EKAK KIYALA LEGEND LA KIYUWA. EDA API PARADINAWA KIYALA MULU LOKEMA UN OTTU LLUWA, INDIA PAWA MEDH AUSSIE LA PARADINAWA KIYALA MULU LOKEMA OTTU ALLUWA INDIA PAWA. THAWA GODAK THIYENAWA, DENATAA ME ATHI NEDHA.