අයිස් සොයා ආ පොලීසියෙන් බේරෙන්න බොල්ගොඩ ජලාශයට පැනලා

අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැකකෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් අද (19) සොයාගෙන තිබෙනවා.

පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබිය දී මෙම මළ සිරුර හමුවූ බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස හමුව ඇත්තේ පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටි සුදේශ් කුමාර නමැති 37 හැවිරිදි අයෙකුගේ මළ සිරුර බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ ඊයේ (18) දින අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා බොල්ගොඩ ජලාශයට පැන ඇත් ද යන්න සම්බන්ධයෙන් පවතින සැකයක් මත පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය පානදුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10