සීනි මෙට්‍රික් ටොන් 19000ක් රට තුළ තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමති

පාරිභෝගික අධිකාරිය පවසන ආකාරයට මේ වන විට සීනි මෙට්‍රික් ටොන් 19000ක පමණ සීනි තොගයක් රටතුළ පවතින බැවින් රට තුළ සීනි හිඟයක් ඇතිවීමට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන දැරණියගල – ඉළුක්තැන්න ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනය කරන භාණ්ඩ වර්ගයක ආනයන බදු වැඩි කළ විට රට තුළ එම භාණ්ඩ තොගයක් තිබුණ හොත් බදු පැනවීමෙන් පසු එම තොගයේ වටිනාකම වැඩිවන බවයි.

එහෙත් රජයක් ලෙස එසේ අයුතු ලාභ ලැබීම වැලැක්වීම සඳහා උපරිම සිල්ලර මිලක් පැනවිය හැකි බව ඔහු කියා සිටියා.

වත්මන් රජය සීනි බදු වෙනස් කළ දෙවතාවේදීම සීනි මිල වැඩිවීම වැලැක්වීම සඳහා එම පියවර අනුගමනය කළ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14