දඩල්ලේ වෙඩි තැබූ සැකකරුවන් පැය 24ක් යන්නත් කලින් අල්ලයි

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී මාර්ගය අසල රැඳී සිටි දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල පොලිසිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ මෙහෙයුමකට අනුවයි.

පිටිදූව, හීනටිගල සහ බෝගහගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිසියට භාරදී තිබෙනවා.

අවුරුදු 24 සහ 33 අතර වයස්වල පසුවන සැකකරුවන් හබරාදුව සහ උණවටුන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඊයේ (18) දහවල් 1.40ට පමණ දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටට ත්‍රී රෝද රථයකින් පැමිණ සිටි දෙදෙනෙකු ඉලක්ක කර සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා.

කෙසේවෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ. සිදු කරන ලද විමර්ශනවලට අනුවයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගිය සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිසිය විසින් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබුණා.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී හෙළිවූ තොරතුරු අනුවයි අදාළ මෝටර් රථය හබරාදූව බෝගහගොඩ ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මෙම වෙඩි තැබීම සඳහා මෝටර් රථය කුලියට ලබාදුන් සහ කුලියට ලබාගත් පුද්ගලයින් දෙදෙනා මෙන්ම එය වෙඩික්කරුවන් වෙත රැගෙන ගොස් ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙක් අයත්.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දඩල්ල සංචාරක හෝටලයක් අසල සිටි පිය පුතු දෙපළට මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවටයි පොලිස් පරික්ෂණවලදි හෙළිවී ඇත්තේ.

වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ දෙදෙනා උණවටුණ මැටරඹ පුදේශයේ පදිංචිකරුවන්. ඊයේ (18) පස්වරුවේ දී පුතුගේ යතුරුපැදියට අවශ්‍ය අමතරකොටස් කිහිපයක් මිලදී ගැනිම සදහා පියා පුතු සමග ත්‍රී රෝද රථයෙන් ගාල්ල නගරයට පැමිණ තිබුණා.

එම අවස්ථාවේ දි දඩැල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටින විදේශිකයින් දෙදෙනෙකු රැගෙන යාමට එන ලෙසටයි පියාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ.

ඔහු පුතු සමග ත්‍රී රෝද රථයෙන් පැමිණ එම හෝටලය ඉදිරිපිට රථය නතර කර මාර්ගයට පැමිණ තිබුණා.

එම අවස්ථාවේදීයි මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයින් මෙම පිය පුතු දෙපළට වෙඩි තබා ඇත්තේ. මොවුන්ට වෙඩි වැදී නොමැති අතර ත්‍රී රෝද රථයෙන්ම ගාල්ල පොලිසියට පැමිණි මේ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා. මෙම පුද්ගලයාගේ පුත්‍රයා 14 හැවිරිදි වියේ පසුවන අයෙක්.

දැනට විදේශගතව සිටින පාතාලයට සම්බන්ධ සහෝදරයන් දෙදෙනෙකු අතර පවතින ගැටුමක ප්‍රථිපලයක් වශයෙන් මෙම වෙඩි තැබිම සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

පාතාලයට සම්බන්ධ එම සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාගේ සමීපතමයෙකුට බාල සොහොයුරාගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෝටර් රථයෙන් පැමිණි වෙඩික්කරු සහ වෑන් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32