රෝගීන් සිය ගණනක් ගාසා රෝහල් හැර යයි

රෝගීන් ඇතුළු සිය ගණනක් සෙනසුරාදා ගාසා නගරයේ ප්‍රධාන රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ රෝගීන්ට පිටව යන ලෙස ඊශ්‍රායලය දන්වා ඇතැයි තොරතුරු වාර්තා වන අතර ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කරන බවයි.

ආසන්නයේ සිදු වන වෙඩි තැබීම හමුවේ බොහෝ දෙනෙකු සුන්බුන් සහිත වීදිවල ඇවිදිමින් සිටිනු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ උතුරු ගාසා තීරයේ ජබාලියා හි පිපිරීම් දෙකකින් පුද්ගලයන් 80 දෙනෙකු මිය ගිය බවයි.

තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පාසලක ක්‍රියාත්මක කරනු ලබන සහන කඳවුරකට පහර දුන් බවට ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පාසලේ දර්ශන අනුව බොහෝ පුද්ගලයින් බරපතල තුවාල සහිතව ගොඩනැගිල්ලේ විවිධ කොටස්වල බිම වැතිර සිටින ආකාරය පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දර්ශනවල එවැනි ජීවිත හානි 20 කට වඩා දක්නට ලැබෙන අතර, මෙයින් අඩක් පමණ බිම් මහලේ එක් විශේෂිත කාමරයක දක්නට ලැබෙන අතර, සැලකිය යුතු හානියක සලකුණු ද පෙන්නුම් කරන බව සඳහන්.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් ඇති බවයි. තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් යට වැළලී යනු ඇතැයි බිය පළ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් ඊශ්‍රායල හමුදාව විසින් අල්ලාගෙන ඉවත් කිරීමෙන් පසු එම අල්-ෂිෆා රෝහල මරණ කලාපයක් ලෙටයි විස්තර කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන කණ්ඩායමක් පැයක කාලයක් රෝහල විමර්ශනය කර ඇති අතර ෂෙල් වෙඩි ප්‍රහාර සහ වෙඩි තැබීම් පිළිබඳ සාක්ෂි දුටු බවත්, රෝහල් දොරටුවේ සමූහ මිනීවළක් නිරීක්ෂණය කළ බවත් සඳහන් කර තිබෙනවා.

පුද්ගලයන් 80 දෙනෙකුගේ දේහයන් එහි ඇති බවයි ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ.

කලින් ගාසා තීරයේ විශාලතම හා වඩාත්ම දියුණු රෝහල ලෙසට සැලකෙන අල්-ෂිෆා රෝහලට ඊශ්‍රායල හමුදාව විසින් ඉවත් කිරීමේ නියෝග ලැබෙන විට බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් 300ක් රැඳී සිටි බව සඳහන්.

WHO කණ්ඩායම කියා සිටියේ ඉතිරි රෝගීන් සහ කාර්ය මණ්ඩලය ගාසා තීරයේ වෙනත් පහසුකම් වෙත හදිසි ඉවත් කිරීමට උත්සාහ කරන බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ අල්-ෂිෆා ඉවත් කිරීමට නියෝග කළ බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර පිටවීමට අවශ්‍ය අයට ආරක්ෂිත මාර්ගයක් හරහා ඉවත් වීමට රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමට එකඟ වූ බව සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41