AFC Banner
Empty Ad
Empty Ad

සිංහරාජයේ ජලාශයක් හැදුවොත් හානියක් වේදැයි අධ්‍යයනය කරනවා

සිංහරාජයේ ගිංගඟ පහළ පවුල් සියයකට අඩු පිරිසක් පදිංචිව සිටින කොටසේ අක්කර පහක කුඩා ජලාශයක් සෑදීමට වසර ගණනාවක සිට යෝජනාවක් ඇතැයි වාරිමාර්ග ඇමැති සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මේ සඳහා යුනෙස්කෝ සංවිධානයෙන් අවසරයක් ඉල්ලා ඇතැයි කී ඇමැතිවරයා ජලාශයක් ඉදි කළොත් යම් හානියක් සිදුවෙනවා දැයි අධ්‍යයනයක් සිදු කරන බවද පැවැසුවේය.

මාතර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී බුද්ධික පතිරණ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති චමල් රාජපක්ෂ මේ බව කීවේය.

හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා සිංහරාජය ආශ්‍රිතව අක්කර පහක වැව් දෙකක් සාදන බවට මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇතැයි කී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මෙම වැව් ඉදිකරන්නේ සිංහරාජය තුළද නැත්නම් ඉන් පිටත දැයි ඇමැතිවරයාගෙන් ඇසුවේය.

ඊට පිළිතුරු දුන් ඇමැති චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ නිල්වලා සහ ගිංගඟ නිසා විශාල ගං වතුර හානියක් සිදුවන බවය. ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජලය ඊසාන දිගට ගෙනයාමේ වාරිමාර්ග සැලැස්මක් ඇතැයි කී ඇමැතිවරයා ජල පිපාසාවෙන් විශාල පිරිසක් සිටින බවද කීය.

– අජිත් අලහකෝන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?