කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී දැරියක් මියගිය සිද්ධිය ගැන අධිකරණ නියෝගයක්

ග්‍රෑන්ඩ්පාස් වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී සය හැවිරිදි කුඩා දැරියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මිය යාමට හේතුව අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාන්ත හේරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු දැරියගේ සිරුර භූමදානය කරන ලෙසට සහ එම ස්ථානයේ සලකුණක් යොදන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට නියෝග කර ඇත්තේ.

එමෙන්ම කඩා වැටුණු කොන්ක්‍රීට් බැම්ම පිළිබඳව තත්ව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණයෙන් මෙම නියෝග ලබාදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය පිළිබඳ ඉදිරියේදී ගත යුතු නීතිමය පියවර කුමක් ද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ෂෙහන්සා තත්සරණී නැමැති පළමු වසරේ ඉගෙනුම ලබන සය හැවිරිදි කුඩා දැරියක් ඊයේ සිදු වූ මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එමෙන්ම පළමු ශ්‍රේණියේ තවත් කුඩා දරු දැරියන් 5 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර අනතුරින් මිය සිසුවියගේ මව අද පස්වරුවේ සෞදි අරාබියේ සිට සිය නිවෙසට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඇය එරට අවුරුදු 01යි මාස 02ක් පමණ ගෘහ සේවයේ යෙදී සිටියදී මෙම අනතුර සැළවීමෙනුයි මෙලෙස පැමිණ ඇත්තේ.

මෙහිදී ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කළ මව,

මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයෙ දුවගෙ උපන් දිනේ. මම කතා කරල ඇහුවා මොනවාද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියල. මම කිව්වා මට තව මාස 08 ක් තියෙනවා එන්න. ඒ එනකොට කේක් අරං එන්නම් කියලා. ඒත් මට කේක් අරං එන්න බැරි උනා. ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා අන්තිමේ දී මගේ දුව නැති වුණා. දැන් ඉන්නෙ මගේ පුතාල දෙන්න විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න යැයි හඬමින් ප්‍රකාශ කළා.

මියගිය දැරියගේ මව අද පස්වරු 02.25ට මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 2273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, ඇය රැගෙන යාම සඳහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20