නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔන් මැක්ස් ඩීටී සමාගමේ අධ්‍යක්ෂවරු පස්දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබෙනවා.
අප අධිකරණ වාර්තාකරු පැවසුවේ; එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහැරීමට නියෝග කළ බවයි.
එමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ චූදිතයින් හට සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.














තැන්පත් කරකරුවන්ගේ මුදල් නැවත ලබා ගැනීම සදහා ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීම ගොඩක් හොඳයි ……