ප්‍රදේශ තුනක බාල වයස්කාරියන් දූෂණය කරලා – පොලිසි විමර්ශන ඇරඹෙයි

වයස අවුරුදු 14 ක් වන තම දියණිය ව වසර 02 ක පමණ කාලයක සිට ලිංගික අපයෝජනය කරමින් ඇයව දූෂණය කළ බව කියන 43 හැවිරිදි පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු සිදු කරන බව කරුවලගස්වැව පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ලද තොරතුරු අනුව අතවරයට පත් වූ දැරියගේ මව විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සැකකරු තබ්බෝව – මයිලන්කුලමේ පදිංචිකරුවෙක්.

තම සැමියා විසින් දියණි ව වසර 02 ක පමණ කාලයක් තිස්සේ දූෂණය කර ඇති බවත්, මීට මාස 03කට පමණ පෙර දිනයක දී ඔහු එලෙස අවසන් වරට දියණියට අතවර කර ඇති බව ද පැමිණිලිකාර පාර්ශ්වය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අතවරයට පත්ව ඇති දැරිවිය එම ප්‍රදේශයේ පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නියක්.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද පොලීසිය පවසනවා.

අතවරයට පත්ව ඇති දැරිවිය ඇයගේ මවගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර බස් රථයක් තුළ දී පාසල් දැරිවියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසි‍ය පවසනවා.

ඉකුත් 15 වෙනිදා තමන් පාසල අවසන් වී නිවස බලා යාමට නවගත්තේගම බස් නැවතුම්පළේ නවතා තිබූ බස් රථයක් තුළ සිටිය දී කිසියම් අයෙකු තමන්ගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කර ඔහුගේ රහස් අංග තමන්ට පෙන්වා බස් රථයෙන් බැස ගිය බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

14 හැවිරිදි එම දැරිවිය ප්‍රදේශයේ පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවක්.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඉකුත් ජූලි මාසයේ දිනක රාත්‍රී කාලයේ දී 42 හැවිරිදි අයෙකු විසින් තමන්ව දූෂණය කළ බව 16 හැවිරිදි පාසල් සිසුවියක් කොබෙයිගනේ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

පැමිණිලිකාරිය ප්‍රදේශයේ පාසලක 11 වන පන්තියේ ඉගෙනුම ලබමින් සිටින බව ද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළා.

සැකකරු කොබෙයිගනේ – පන්නව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පැමිණිලිකාරිය පවසා ඇත්තේ.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48