වෛද්‍ය සැපයුම් පියවීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවට අනුමතිය

වෛද්‍ය සැපයුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය බැදීම් පියවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මේ සඳහා අනුමතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී මෙම පරිපූරක ඇස්තමේන්තුව 2024 වසරටත් අයවැය ලේඛනය ඉදිරිපත්කරන අවස්ථාවේ මේ වසර අගදී ඉදිරිපත් කළේ ඇයි දැයි කමිටුව විමසනු ලැබුවා. නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 වර්ෂයට සෞඛ්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 110ක් වෙන්කර තිබූ බවත් එයින් බිලියන 55ක් විදේශීය මූල්‍යකරණ ආයතන මගින් ලබාගැනීමට සැලසුම් කළ බවයි. මෙම මුදල් බලාපෙරොත්තු වූ ආකාරයෙන් භාවිත නොවු බැවින් විසර්ජන පනත මගින් වෙන්කළ සමස්ත වියදම් සීමාවට කිසිඳු වෙනසක් නොවන ආකාරයෙන් රුපියල් බිලියන 20ක් වෙන්කරගැනීම පරිපූරක ඇස්තමේන්තුවේ අරමුණ බව පෙන්වා දෙනු ලැබුවා.

එසේම මෙහිදී සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක් ප්‍රමාදවීම පිළිබඳව සහ හදිසි මිලදීගැනීම් සිදුවන ආකාරය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු කෙරුණා. තවද සෞඛ්‍ය සැපයුම් වියදම් බිලියන 300-500 දක්වා ඉහළ ගියේ ඇයිද යන්න විශ්ලේෂණය කිරීමට කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතු වාර්තාවේ කෙටුම්පත පිළිබඳවද මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු කර තිබෙනවා. මෙහිදී මෙම වාර්තාවේ කෙටුම්පත පිළිබඳව ආචාර්ය රෝෂන් පෙරේරා මහත්මිය විසින් කමිටුවට පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.

මෙම පැහැදිලි කිරීමේදී බදු ආදායමෙන් 2024 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.1% ඇස්තමේන්තුගත කර තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සඳහා තවත් 2.5% කින් වැඩි කළ යුතු නමුත් එය කළ හැකිද? යන්න පිළිබඳ අවධානය යොමු වුණා.

එසේම යහපාලනය සුරකිමින් පාරදෘශ්‍යභාවය වැඩිකිරීම වෙනුවෙන් සියලු ආදායම් යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත්කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යාංශය විසින් සකස් කර ලබාදෙන වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමේ වැදගත් කම කමිටු සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

තවද මෙහිදී පසුගිය රජයට සාපේක්ෂව විනිවිදභාවය සහ සහයෝගීතාවය පවත්වාගනිමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳව කමිටුවේ ප්‍රසාදය පළ කෙරුණා. එසේම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සහ අයවැය ඉදිරිපත් කිරීම සඳහා වෙහෙස වී කටයුතු කිරීම පිළිබඳවද ඔවුන්ට මුදල් කමිටුවේ පැසසුම් හිමි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16