ගාසා හි විශාලතම රෝහලට ඊශ්‍රායලය කඩා වදියි – පලස්තීනුවන්ට රතු එළියක්

ඊශ්‍රායලය පලස්තීන සිවිල් වැසියන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා හි තවමත් රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම වන විට අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත්තා.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මුනීර් අල් බර්ෂ් විසින් අල් ජසීරා පුවත් සේවයට පවසනු ලැබුවේ ඊශ්‍රායල හමුදාව වෛද්‍ය සංකීර්ණයේ බටහිර පැත්ත වැටලූ බවයි.

තමන් සිටින පළාත ම අළු දුහුවිලිවලින් පිරී ඇති බවත්, රෝහලේ බටහිර කොටසෙහි විශාල පිපිරුමක් සිදු ව ඇති බවටත් තමන් විශ්වාස කරන බවයි බර්ෂ් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ආක්‍රමණික හමුදා රෝහලේ බිම් මහලේ සෝදිසි කිරීම්හි යෙදී සිටින අතර, තව මොහොතකින් ඔවුන් ඉහළ මහලයට පැමිණෙනු ඇති බවයි.

ඊශ්‍රායල හමුදා පළමුකොට ම ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ඒකක වැටලූ බව ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් අධ්‍යක්ෂ මොහොමඩ් සකෝට් පැවසුවා.

කෙසේවෙතත් මේ වනවිට රොයිටර්ස් වාර්තා කරන පරිදි මුළුමනින් ම අල් ෂිෆා හි ස්වාධීනත්වය බිඳ වැටී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14