හරක් හොරකමේ ගිය නාවික සෙබළා අත්අඩංගුවට

ගවයින් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදා සෙබළෙක් මුන්දලම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුන්දලම, බත්තුළුඔය,මරියවිලා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා යාපනය – කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බවයි වාර්තා වන්නේ.

‘සහරා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබූ පැමිණිළි කීපයක් සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?