- දේශගුණ විපර්යාස කොමිසමක් ස්ථාපිත කරන බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනපති කියයි.
- පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක්.
- ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට යෝජනාවක්, ඒ සඳහා කොත්මලේ ජලාශය අවට ඉඩම් අක්කර 600ක්.
- කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කෙරේ, මේ සඳහා රුපියල් බිලියන 03ක්.
- ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළු තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට යෝජනවක්.
- හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමල, බිංගිරිය, මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනවක්.
- රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා අයවැයෙන් යෝජනවක්, ඒ සඳහා වෙන්කරන මුදලක් රුපියල් මිලියන 600ක්.
- යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් 2024 අයවැයෙන්.
- ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කෙරේ.
- ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට යෝජනාවක්.
- නව ඉඩම් නීතියක් හඳුන්වා දෙන බව ජනපති කියයි.
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතියක්.
- නව ආයෝජන නීතියක් හඳුන්වාදීමේ යෝජනාවක්.
- ආදායම් පරිපාලන ඵලදායීතාව ඉහළ නැංවීමට නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරන බව ජනපති කියයි.
- විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීමට සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා රුපියල් බිලියල 3,000ක්.
- රේගු නීති නවීකරණය කිරීමට අයවැයෙන් යෝජනාවක්.
- රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20%ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබාදීමේ යෝජනාවක්.
- මෙරට මැණික් කර්මාන්තයේ පූර්ණ ධාරිතාවක් අත්කර ගැනීමට මාස 03ක විශේෂ සැලැස්මක් ගැන යෝජනාවක්.
- ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කිරීමේ යෝජනාවක්.
- ශ්‍රී ලංකා රාජ්‍ය ණය 2022 වසරේ දී 128% සිට 2032 වසරේ දී 95%ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනපති කියයි.
- 2025 වසරේ සිට පළාත් සභා ආදායමෙන් 50%ක් පමණ පුනරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට යෝජනාවක්.
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ චීනය සමඟ එක්ව ආරම්භ කරන බව ජනපති 2024 අයවැය කතාවේ දී සඳහන් කළා.
- හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් වෙන් කෙරේ.
- 2024 වසර තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ යෝජනාවක්.
- බස්නාහිර පළාතේ විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට 2024 අයවැයෙන් යෝජනාවක්.
- මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදිකිරීමට හැකියාව තිබේ දැයි සලකා බලන බව ජනපති කියයි.
- පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථානය නගර ඉදිකිරීමට දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනාවක්.
- මහා විහාර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට කළ යෝජනාවේ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450ක්.
- මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.
- බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 250ක්.
- අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන දාහක් මෙවර අයවැයෙන්.
- පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් 2024 අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කෙරේ.
- පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500ක් වෙන් කිරීමේ යෝජනවක්.
- පූනරීන් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 500ක් 2024 අයවැයෙන්.
- යාපනයේ පවතින පානීය ජල ගැටලුව නිරාකරණය සඳහා ජල ව්‍යාපෘතියක්.
- කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නීති හඳුන්වා දෙන බව ජනපති 2024 අයවැය කතාවේ දී කියයි.
- ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ නීති හඳුන්වාදීමට කටයුතු කිරීමට යෝජනාවක්.
- වතු ඉඩම්වල නිවාස සංකීර්ණ සහ නව වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කෙරේ.
- කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක්.
- වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු වෙනුවෙන් 2024 අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ.
- මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන දෙසීයක්.
- දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20ක් බවට පත් පත් කිරීම රජයේ අරමින බව ජනපති කියයි.
- කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගෙන එම සඳහා ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමයක්.
- මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරන බව ජනපති අයවැය කියයි.
- සංචාරකයන්ට දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීමට හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන 100ක මුදලක්.
- ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට 2024 අයවැයෙන් යෝජනාවක්.
- බදුල්ලට හෘද සහ පෙනහළු පුනර්ජීවන ඒකකයක් ලබා දීමට යෝජනවක්, ඒ සඳහා වෙන්කරන මුදල රුපියල් මිලියන 300ක්.
- වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරන අතර,එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කෙරේ.
- ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනාවක්.
- පාසල් ළමුන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය නැවත හඳුන්වාදීමට යෝජනාවක්.
- රැකියාවක් හිමි වූ පසු ආපසු ගෙවීමේ එකඟතාව යත්තේ පෞද්ගලික බැංකු හරහා සිසුන්ට සහන ණය යෝජනා ක්‍රමයක්.
- උසස් පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් 2024 අයවැයෙන්.
- රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැලෙපෙන පරිදි වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඇරඹීමේ යෝජනාවක්.
- මීළඟ වසර දෙක තුන තුළ විශ්ව විද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වැඩි කිරීම අරමුණ බව ජනපති සඳහන් කළා.
- පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතන 04ක් විශ්ව විද්‍යාල බවට පත් කිරීමට අයවැයෙන් යෝජනා කෙරේ.
- නව තාක්ෂණික විශ්ව විද්‍යාල 04ක් ස්ථාපිත කිරීමට යෝජනාවක්.
- ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට යෝජනවක්, එමෙන්ම පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.
- ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීමට අයවැයෙන් යෝජනා කළ අතර ඒ සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන දෙකක්.
- අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දහයක් 2024 අයවැයෙන් වෙන් කෙරේ.
- කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක්.
- වතුකරයේ නිවාස ඉදිකිරීමට සහ ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා, මූලික පියවර ලෙස මේ සඳහා බිලියන 04ක මුදලක් වෙන් කරනවා.
- අඩු ආදායම්ලාභීන්ට නාගරික නිවාස කුලී පදනමට ලබා දී ඇති අතර, එම පවුල්වලින් කුලී මුදල් අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරමින් එම නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදෙන බව ජනපති කියයි.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය යටතේ රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනපති කියයි.
- අස්වැසුම ප්රතිලාභ වැඩසටහනේ ප්රතිලාභ තුන් ගුණයකින් ඉහළ දැමීමේ යෝජනාවක් 2024 අයවැයෙන්.
- ආබාධිත, වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා වැඩිකිරීමට 2024 අයවැයෙන් යෝජනා.
- වැඩිහිටි දීමනාව රුපියල් 2,000 සිට රුපියල් 3,000 දක්වා වැඩි කෙරේ.
- වැන්දඹු සහ අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.
- රජයේ සේවකයින්ට අපදා සහන ණය පහසුකම් ලබාදීමට 2042 අයවැයෙන් යෝජනාවක්.
- විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 2500 කින් වැඩි කරන බව ජනපති කියයි.
- රජයේ සේවකයින්ට 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10000 කින් වැඩි කෙරේ.
- පාඩු ලබන ආයතනවල බර ජනතාව පිට පැටවීමෙන් ජනතාව පීඩා විඳින බව ජනපති යවය කතාවේ දී සඳහන් කළා.
- නුවරඑළියේ විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට සැලසුමක් ඇති බව ජනාධිපතිවරයා අයවැය කතාවේ ප්‍රකාශ කරයි.
වැටුප් වැඩි කිරීම හිතුමතේ සිදුකිරීම නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය කතාව සිදුකරමින් සඳහන් කර සිටියා.
ඒ, අනුව වැටුප් වැඩි කිරීමට නම් රජයේ අදායම වැඩිකර ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
මේ අතර බදු ක්රමයේ වෙනසක් සිදුකළ යුතු බව ද ජනාධිපතිවරයා අයවැය කතාවේ දී පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
20
+1
+1
2
+1
5
+1
4