ශර්මාගේ ලෝක කුසලාන පිටියේ වාර්තාව රාහුල් එක් පන්දුවකින් උදුරාගනී

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙක් රැස්කළ වේගවත්ම ශතකය වාර්තා කරන්නට ඉන්දීය මැදපෙළ පිතිකරු ලෝකේශ් රාහුල්ට අද (12) හැකියාව ලැබුණා.

නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී රාහුල් මෙම දස්කම දැක්වීමට සමත් වූ අතර, ඔහු ශතකය රැස් කිරීම සඳහා වැයකළ පන්දු සංඛ්‍යාව 62ක්.

හතරේ පහර 11ක් සහ හයේ පහර 04ක් සමඟින් රාහුල් අද රැස්කළ ලකුණු සංඛ්‍යාව 102ක්.

ඉන්දීය නායක රෝහිත් ශර්මා මීට පෙර ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම ලෝක කුසලාන ශතකයට හිමිකම් කී අතර ඔහු ඒ සඳහා පන්දු 63ක් වැයකර තිබුණා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ෂර්මා මෙම දස්කම දක්වා තිබුණේ දිල්ලි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ මේ දක්වා තරඟ 09 කදී ලෝකේශ් රාහුල් ලකුණු 347ක් රැස්කරගෙන ඇත්තේ 69.40ක සාමාන්‍යයක් සහ 93ට වැඩි ප්‍රහාරක වේගයක් ද සමඟින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57