දසුන් නායකත්වයෙන් ඉවත් කළ හේතුව ගැන මහේලගෙන් ප්‍රකාශයක් – කුසල් මෙන්ඩිස් සමාව ඉල්ලයි (වීඩියෝ)

දසුන් ශානක නායක්තයෙන් ඉවත් කිරීමට කිසිදු බලපෑමක් සිදු නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

ඔහු ආබාධයකට ලක්වීම හමුවේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ බවයි මහේල කියාසිටියේ.

ඒ අනුව කණ්ඩායමේ සංයුතිය වෙනස් වීම වළක්වා ගැනීම සඳහා චාමික කරුණාරත්න කැඳවා සංයුතිය යථා තත්වයට පත් කර ගැනීමට කටයුතු කළ බව ද මහේල ජයවර්ධන පෙන්වා දුන්නා.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායම විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

දසුන් ආබාධ තත්ත්වය සුව අතට පත් වූයේ නම් යළිත් කණ්ඩායමට එක්කර ගැනීමට සූදානමින් පසුවූ බව ද ඔහු කියාසිටියා.

මේ අතර ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු දෙමින් කණ්ඩායම් කළමනාකරු සඳහන් කළේ ඉන්දීය කණ්ඩායමෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් කණ්ඩායමට බලපෑමක් නොතිබූ බවයි. නායක කුසල් මෙන්ඩිස් ද මෙහිදී අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ තණතීරුවේ පැවති වෙනස්කම් හේතුවෙන් ක්‍රීඩකයන්ට දක්ෂතා අතරට යාමට නොහැකි වූ බවයි.

වෙනත් කණ්ඩායම් කිහිපයක් ද ඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම පිළිබඳ කුසල් මෙන්ඩිස් සිහිපත් කළා.

කුමන කණ්ඩායමක් සමග තරග කළ ද ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් තරග කරන බවයි ඔහු කියාසිටියේ.

ඉන්දීය කණ්ඩායම දක්ෂතා අතර ඉහළින් සිටින කණ්ඩායමක් වන අතර ඔවුන්ට මව් රටේ සහයෝගය ද පවතින බව ඔහු පෙන්වා දෙනවා.

තම කණ්ඩායමේ අඩුපාඩු පවතින බවට දැනුවත් අතර ඉදිරියේදී ඉන්දියාව සමග තරගවලදී හොඳින් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවයි කුසල් මෙන්ඩිස් කියාසිටියේ.

මේ අතර මෙම තරගාවලිය මේ ආකාරයෙන් නිම කිරීම සම්බන්ධයෙන් කණගාටු වන අතර බලාපොරොත්තු වූයේ 6 හෝ 7 ස්ථානයෙන් තරගාවලිය නිමාවට පත් කිරීමට බව මහේල ජයවර්ධන සඳහන් කළා. තරග කිහිපයකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පැවති දුර්වලතා හමුවේ එම තැනට පැමිණීමට නොහැකි වූ බවයි ඔහු පෙන්වා දුන්නේ. වැරදි සිදු වුව ද මෙම කණ්ඩායම ශ්‍රී ලංකාව සතු හොඳම කුසලතා සහිත කණ්ඩායම බවයි ශ්‍රී ලංකා පුහුණු උපදේශකයා සඳහන් කළේ. එහෙත් පිතිකරණය පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමේ කුසලතා තවදුරටත් වර්ධනය විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගය සම්බන්ධයෙන් ද මහේල මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කළා. මෙවර තරගාවලියට හොඳම කණ්ඩායම රැගෙන ගිය අතර ආබාධ හේතුවෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මගහැරුණු බවයි මහේල කියාසිටියේ. ඉන්දියාව සමග පැවති තරගයේදී මගහැරී ගිය උඩ පන්දු රැක ගැනීමට හැකි වූයේ නම් මීට වඩා වෙනසක් සිදු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ බව ද ඔහු සඳහන් කළා.

මේ අතර මෙවර තරගාවලියේ සිදු වූ පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සියලුදෙනාගෙන් සමාව ඉල්ලන බව කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රකාශ කළා. ක්‍රිකට් ප්‍රේක්ෂක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. තරග ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙන් මෙම ලෝක කුසලාන තරගාවලියට එක්වූ අතර කිසිවෙකුගෙන් බලපෑමක් සිදු නොවූ බව ඔහු අවධාරණය කරනවා. සෑම තරගයකදීම රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කිරීම අරමුණ වූ අතර ඊට එහා කිසිදු අරමුණක් නොතිබූ බවයි කුසල් මෙන්ඩිස් කියාසිටියේ. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හෝ වෙනත් අයෙකුගෙන් කිසිදු ක්‍රීඩකයෙකුට බලපෑමක් සිදු නොවූ අතර ක්‍රිකට් ආයතනය කණ්ඩායමට උපරිම සහයෝගය ලබාදීමට කැපවී සිටි බව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළා. ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම තරගාවලියකදී ජයග්‍රහණය අරමුණු කර ගනිමින් පමණක් ඊට යොමුවන බවයි මෙන්ඩිස් කියාසිටියේ.

මෙම තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වී්ම සම්බන්ධයෙන් නායකත්වය බලපෑමක් නොවූ බව ද ඔහු පෙන්වා දුන්නා. නායකත්වය යනු කිසිදු ආකාරයකින් පීඩනයක් නොවූ බවයි කුසල් මෙන්ඩිස් සඳහන් කළේ. පන්දුවට පහරදීමේදී නායකත්වය සම්බන්ධයෙන් බලපෑමක් හෝ පීඩනයක් නොමැති අතර නායකත්වය වැදගත් වූයේ පන්දු රැකීමේ කටයුතු කිරීමේදී බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර තමන් හෝ කණ්ඩායම කිසිවෙකුගේ සිරකරුවන් නොමැති බව මහේල ප්‍රකාශ කළා. නුදුරු අනාගතයේදීම මෙම තහනම ඉවත් වී ජාත්‍යනරතයේ ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු කියාසිටියේ. පරිපාලනයේ ප්‍රශ්ණ කණ්ඩායමට අදාළ නොවන බව ද මහේල සඳහන් කළා. කණ්ඩායමේ සැලසුම් සකස් කර පුහුණු වීම් සිදු කර ඉදිරිය වෙනුවෙන් සූදානම් වීම තම වගකීම බවයි ඔහු පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18