පොලිස් අණ නොතකා ගිය ලොරියේ හොර හරක්

පොලිස් අණ නොතකා ගවයින් රැගෙන ධාවනය කළ ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (12) අලුයම කළුතරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.

පානදුර දෙස සිට පයාගල දෙසට ගාලු පාරේ ගමන් කළ ලොරි රථය කළුතර නගර මධ්‍යයේදී නතර කරන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් යතුරුපැදි දෙකකින් කිලෝමීටර් දෙකක් පමණ දුරක් ලුහුබැඳ කටුකුරුන්ද ප්‍රදේශයේ දී ලොරිය නතර කරගෙන තිබෙනවා.

එය පරීක්ෂා කිරීමේදී එහි හිංසාකාරී ලෙස ගැටගසා තිබූ ගවයින් 4ක් ලොරි රථය සමගින් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හොරණ ප්‍රදේශයෙන් සොරකම් කර ඇති මෙම ගවයින් කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයට රැගෙන එමින් සිට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38