මිලියන 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය අනලතිව් දූපතේ ඊයේ (10) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 69කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟිනුයි යාපනය අනලතිව් දූපතේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත්තේ.

එහිදී එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සැක කටයුතු උරයක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. එම උර‍ය තුළ පාර්සල් 18ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 69යි ග්‍රෑම් 5ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 27කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19