Empty Ad
Empty Ad
 Empty Ad

ජාත්‍යන්තරය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි – ජනපති

ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමින්.

මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම්වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල මහතා විසිනුයි සම්මානය ලබාගනු ලැබුවේ.

ණය අර්බුදය, තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම ප්‍රමාද වීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටළු ඇතුළුව පශ්චාත් කොවිඩ් වසංගත යුගය විසින් එල්ල කර ඇති අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වූවා. එක්සත් ජනපදය සහ චීනය අතර වන එදිරිවාදිකම් හේතුවෙන් පැන නගින සංකීර්ණත්වය සහ එමඟින් ගෝලීය භූ දේශපාලනය කෙරෙහි ඇතිවන බලපෑම ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

වර්තමානයේ පවතින තත්ත්වය “ගෝලීය බහු-අර්බුදයේ භූ දේශපාලනය” ලෙස හැඳින්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොඩිඩ් 19 වසංගතය, ණය අර්බුද, දේශගුණික විපර්යාස, වෙළඳ ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු මේ සියල්ල එකිනෙකට සම්බන්ධිතව පවතින අභියෝග වන බවයි පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රවේශය ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම සමඟ සමපාත වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාගර දෙකක් ලෙස එම එක් එක් සාගරයන්ට වෙන් වෙන් වශයෙන් අනන්‍යතා පවතින බව ද අවධාරණය කළා.

චීනය, ආසියා – පැසිෆික් සංකල්පයට වැඩි කැමැත්තක් දක්වන බවත්, එක් තීරයක් – එක් මාවතක් සංකල්පය මඟින් පැසිෆික් සාගරයත් ඉන්දියන් සාගරයත් සම්බන්ධ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ සියලු තත්ත්වයන් හමුවේ වූවද මහා බල එදිරිවාදිකම්වලින් තොර අවකාශයක් ලෙස ඉන්දියන් සාගරය පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

අප්‍රිකානු කලාපයේ අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා නිවර්තන කලාපය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි සඳහන් කළේ. මෙම කරුණු සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ඇති කරගන්නා සහයෝගීතාවයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ගෝලීය වෙළඳ ක්‍රමය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පෙර ජාතීන් අතර සම්මුතියක අවශ්‍යතාවයද අවධාරණය කර තිබෙනවා.

ගාසා තීරයේ පවතින යුද්ධය පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමාස් සංවිධානයේ නායකත්වය විනාශ කිරීමෙන් පමණක් ගැටුම් අවසන් කළ නොහැකි අතර තවදුරටත් එය උත්සන්න වීම වැළැක්වීම සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍ය බවයි සඳහන් කළේ.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වීමට නියමිත එපෙක් (APEC) රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර සිදු වීමට නියමිත හමුව මඟින් පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ගෝලීය වශයෙන් පවතින මෙම සංකීර්ණතාවන් හරහා ගමන් කිරීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර වැරදුණත් උත්සාහය අත්හරින්න එපා
04:33
Video thumbnail
හරිනි - අනුර ගැටුම ගැන ටිල්වින් කියද්දී නිවේදකයා වේදිකාවට ගොඩවී ටිල්වින්ව පැත්තකට කරයි
32:28
Video thumbnail
හැමෝගෙම රෙදි නැතිවෙන්න අන්තිම කතාව සැපට - සැරට කරපු නලින්ද
17:47
Video thumbnail
සෞදි අරාබි කාන්තාරයට වැටුණු හිම කැට අතර තිබූ භයානක රහස #globalnews
08:41
Video thumbnail
මැතිවරණයෙන් පසුව ලක් අම්මට - තැපැල් පෙට්ටියෙන් වෙන්න යන දේ #damitha_abeyrathna
07:33
Video thumbnail
ලාල් කාන්ත පොලීසියට චණ්ඩි පාට් දානවා #lalkantha
04:34
Video thumbnail
5 ශිෂ්‍යත්වය නැතිකරනවද? නැද්ද ?
02:13
Video thumbnail
කූඩුව ඇතුළේ බූරු ගැස්සවූ OICට වැඩ වරදී - අන්න උසාවි දාලා
03:22
Video thumbnail
අවසන් රැළියෙදි රනිල්ගෙන් මිත්‍ර - අනුරට බැණුම් වරුසාවක්
06:10
Video thumbnail
225ම හොරුනම් ජනාධිපතිත් හොරෙක් - වාහාන ගැන දිලුම්ගෙන් අනාවරණයක්
05:14

?