2024 දී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට සැලසුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

ක්‍රීඩා සම්මේලනවල පැන නගින ගැටළුවලට කල්තියා විසඳුම් සෙවීම සඳහා අදාළ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා සාකච්ඡා කිරීමට තීරණය තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා,

මෙරට ක්‍රීඩා සම්මේලන 72ක් තිබෙනවා. ඒ අතරින් සක්‍රීයව තිබෙන ක්‍රීඩා සම්මේලන 66ක් 2024 වසරට පෙර ඒකාබද්ධ කිරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ, ඔවුන්ගේ වගකීම්, කාර්ය භාර්ය, වගකීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව එක ස්ථාවරයකට ගෙන ඒමයි.

ක්‍රීඩා සම්මේලනවල නිලධාරීන්ව ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා සාකච්ඡා කිරීමට ද අප තීරණය කළා. ඒ සම්මේලනවල පැන නගින ප්‍රශ්නවලට කල්තියා විසඳුම් සෙවීම එහි අරමුණයි. එමෙන්ම ක්‍රිඩාව සංවර්ධනය කිරීමේ දී පැනගින ගැටළුවක්ව තිබෙන ලිපිගොනුවට පමණක් සීමා වූ ක්‍රිඩා සංගම් ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට ද අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. 2024 දී ක්‍රීඩාව ගමට ගෙන යෑම සඳහා විශේෂ වැඩපිළිවෙලකට අනුව ගමේ ක්‍රිඩාව දියුණු කිරීම එහි අරමුණයි.

අප විසින් යෝජනා කර ඇති වැඩ සටහන් වෙනුවෙන් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙවර වෙන්වී ඇත්තේ රුපියල් මිලියන 125ක් පමණයි. මෙම සියලූම කටයුතු සඳහා අවම මුදල් ප්‍රමාණයකින් කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

ඒ වගේම නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට ද රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනක් පමණ වැය වෙතැයි අප විශ්වාස කරනවා. එම ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කිරීමට නියමිතයි. එහි අන්තර්ගත වන කරුණු වන්නේ, අධ්‍යාපනවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, ඒකාබද්ධ වාර්ෂික වර්ධන අනුපාතය සහ පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳව අධ්‍යයනය කිරීමයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය ලබාගැනීමෙන් පසුව 2024 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව, නේපාලය සහ ලංකාව ඒකාබද්ධව යුද්ධ හමුදාවේ කර්නල් තනතුරින් ඉහළ මට්ටමේ සිටින නිලදාරීන් එක්ව මෝටර් සයිකල් 15කින් සමන්විත රැළියක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා. එය දෙසැම්බර් 29 වනදා නේපාලයෙන් ආරම්භ කර ඉන්දියාව හරහා ජනවාරි 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අනතුරුව තෛපොංගල් දිනයේ (15) යාපනය කන්කසන්තුරෙන් ආරම්භ කරන මෙම රැළිය ගාලු මුවදොර දී, සංස්කෘතික සංදර්ශනයක් ද පවත්වා අවසන් කිරීමට නියමිතයි.

ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු යොදා තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමේ කටයුතු සිදුවන ආකාරය සහ ඔවුන්ගේ කාර්ය භාර්ය පිළිබඳව අවබෝධයක් ලබාදීම එහි අරමුණයි. ඉන් පසුව ඔවුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කිරීමට ද නියමිතයි. එම සභභාගීත්වය මගින් තරුණ ගැළුවලට විසඳුම් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56