ගරිල්ලන්ගේ ග්‍රහණයේ සිටි ලිවර්පූල් පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කෙරේ

කොලිම්බියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ලුයිස් දියාස්ගේ පියාව එරට ගරිල්ලා හමුදාව (ELN) නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, පසුගියදා මෙම පාපන්දු ක්‍රීඩකයාගේ පියා වන දියාස් ව ගරිල්ලන්ගේ ග්‍රහණයට ලක් වූ බවයි.

ලිවර්පූල් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ලුයිස්ගේ පියාව ගරිල්ලන් විසින් ඔවුන්ගේ ප්‍රාණ ඇපයෙහි තබා ගනු ලැබුවා.

ඒ මීට සති දෙකකට පමණ පෙර යි.

කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාව ලෙසටයි මෙම ගරිල්ලන් ව හැඳින්වෙන්නේ.

මීට පෙර ද කොලොම්බියාවේ පැවතගෙන එන අඛණ්ඩ වසර 60ක ගැටුම් මත, එම ගැටුම් හි කොටස්කාරයින් 450,000කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මෙම පැහැර ගැනීමට ලක් වූ ලුයිස් මැනුවෙල් දියාස් ද එම ගැටුම්වල කොටස්කාරයෙකු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මෙම ගැටුම් අවසන් කිරීමට කොලොම්බියානු රජය සහ ගරිල්ලන් අතර සාකච්ඡා පැවැත්වුණ ද, ඒවා අසාර්ථක වී තිබෙනවා.

කොලොම්බියානු රජය සහ ගරිල්ලන් එක් ව පසුගිය අගෝස්තු මාසයේ සිට සටන් විරාමයක් හය මාසයකට ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාට නිදහස හිමි ව ඇත්තේ.

දියාස් ව ගරිල්ලන් විසින් සිය ග්‍රහණයට ගනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 28 වැනි දින උතුරු ගුජිරා හි පිහිටි ග්‍රාමීය මහ නගර සභාවක් වන බැරන්කාස්හි දී යි.

ප්‍රාණ ඇපයෙන් නිදහස ලබා යළි සිය නිවසට ආ දියාස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ; මෙම අපහසු කාලසීමාවේ දී තමන්ට සේ ම තම පවුලට ලබා දුන් විශාල සහයෝගයට බැරන්කාස් හි සියලු ම ජනතාවටත්, කොලොම්බියාවට ආදරයත් ස්තුතියත් පුද කරන බවයි.

මේ වනවිට පාපන්දු ලීග් තරග සඳහා සිය පාපන්දු ක්‍රීඩා සමාජය සමගින් එංගලන්තයේ රැඳී සිටින ක්‍රීඩක ලුයිස් දියාස් පසුගියදා ලූටන් ටවුන් හි දී පැවති තරගයේ දී සිය කමීසය යටින් “Libertad Para Papa” (Freedom For Dad) යනුවෙන් සටහන් කරගනිමින් ක්‍රීඩා කළ අයුරු ද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58