ලෝක කුසලානයේ සහභාගී වූ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයෙන් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.

බෙංගලූරුහිදී මෙම තරගය පැවැත්වුණේ නවසීලන්ත කණ්ඩායම සමගයි. තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

කුසල් පෙරේරා පන්දු 28කින් ලකුණු 51ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින්. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 16ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 19ක් ලබා ගත්තා. මහීෂ් තීක්ෂණ නොදැවී 39යි. දිල්ෂාන් මදුෂංක ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 3ක්, ලෝකී ෆර්ගසන්, රචින් රවින්ද්‍ර සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 172ක්. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 23යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Devon Conway ලකුණු 45ක්, Rachin Ravindra ලකුණු 42ක් සහ Daryl Mitchell ලකුණු 43ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2ක් බිඳහෙලුවා.

මේ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ තරග 9න් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග දෙකක් පමණයි. ඒ එංගලන්තය සහ නෙදර්ලන්තය සමග පැවති තරග දෙක පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32