යන තැනක් නොදැන ආ යුවළ පොලිසියෙන් නතර වෙයි

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතරින් තරුණයා 27 හැවිරිදි අයෙක් වන තර තරුණිය 19 හැවිරි වියෙහි පසු වනවා.

ඔවුන් දෙදෙනා සංචාරක වීසා මත අද පස්වරු 01.30ට ඩුබායි බලා පිටත්ව යාම සදහා ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D -821 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබා ගෙන නිශ්කාශන කටයුතු සිදු කරමින් සිටියදී, ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී මෙම යුවළගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම්වලදී එහි තිබී ප්‍රංශය සහ ජපානය වෙත යාම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වංචනිකව ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් සොයා ගනු ලැබුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 06ක මුදලක් ගෙවා මෙම වීසා බලපත්‍ර සකස් කර ගත් බවයි. ඒවා මීගමුව ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පළක දී ඔහු තමන්ට භාර දුන් බවත්, තමන් ඩුබායි වෙත ගිය පසු තමන්ට ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බව එම තැරැව්කරුවා තමන්ට ප්‍රකාශ කළ බවයි සඳහන් කර ඇත්තේ. එතෙක් තමන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිවක් නොදන්නා බව ද ඔවුන් එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42