බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ගැන තීරණයක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් සකස් කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

අලුත්වැඩි‍යාවෙන් පසු මේ වන විට මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන වසරකට ආසන්න කාලයක් පවතින බැවින් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.

විවිධ ප්‍රදේශවල මේ වන විට අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා. මන්ත්‍රීවරු රැසක් එක් එක් දිස්ත්‍රික්කවල පවතින මෙම අමාත්‍යාංශයට අදාළ ගැටලු ඉදිරිපත් කර තිබෙනවා.

මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත් කළ ගැටලු තවමත් විසඳී නොතිබීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් මෙම ගැටලු සඳහා කාර්යක්ෂම ලෙස මැදහත් වී විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42