logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

19 පහළ ආසියානු කුසලානය දෙසැම්බර් 08 වැලිකතරේ දී ඇරඹේ

වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 08 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙවර මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ඊට කණ්ඩායම් 08ක් එක් වනවා.

A සහ B යන කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් තරග වදින්නේ A කාණ්ඩය යටතේයි.

ශ්‍රී ලංකාව B කාණ්ඩයේ තරග වදින්නේ බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජපානය සමගයි.

තරගාවලිය දෙසැම්බර් 08 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරගය දෙසැම්බර් 17 වන ඉරිදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

අවසන් වරට 2021 වසරේ දී පැවති වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තා.

එවර තරගාවලියත් පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?