නව දිල්ලි නුවර තත්ත්වය දරුණු අතට

ඉන්දියාවේ නව දිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් පිරිහී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (06) උදෑසනවන විටත් දිල්ලියේ වාතය අඛණ්ඩව හත්වන දිනටත් දැඩි ලෙස දූෂිත වී ඇති අතර, වායු තත්ත්ව දර්ශකය (AQI) තවමත් ‘දරුණු’ කාණ්ඩයේ පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දිල්ලි වැසියන්ගේ දෛනික කටයුතුවලට දැඩිලෙස බලපෑමක් සිදුව තිබෙනවා.

අගනුවර ඉහළ යන වායු දූෂණ මට්ටම් සැලකිල්ලට ගනිමින්, දිල්ලි රජය විසින් පාසල්වල පස්වන ශ්‍රේණි දක්වා පන්ති සඳහා නිවාඩු ලබාදීම නොවැම්බර් 10 දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි සහ මධ්‍යම ආණ්ඩුව විසින් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය, නාගරික සහ පුද්ගලික කාර්යාලවල කාර්ය මණ්ඩලයෙන් අඩකට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

මෙම වායු දූෂණය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය, අත්‍යවශ්‍ය සේවා සැපයීමට LNG, CNG, හෝ විදුලි බලයෙන් බල ගැන්වෙන ට්‍රක් රථ හැර, ඉන්ධනවලින් ධාවනයවන ට්‍රක් රථවලට දිල්ලියට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන්ට මො#යක් නෑ..බලය ගත්තට පිස්සන්කොටුව වගේ..අපිලාගේ සාදුට යකා නගියි
09:53
Video thumbnail
සජිතුයි රනිලුයි ඉක්මණින් එකතුවෙන්න ඕනේ
05:16
Video thumbnail
තෙල් මිල බරපතළ ලෙස අඩුවෙලා - මාර්තු මාසේ එකතු කරගත්ත ධනය ආපහු ජනතාවට දෙන්න
02:28
Video thumbnail
රට ඉඳලා ආපු තාත්තා ගෙදරට යද්දී මහ මඟ නූලෙන් බේරිලා
02:05
Video thumbnail
වැටෙනකම් තමා හැමෝම මෙහෙම කියන්නේ - දයාසිරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:38
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මානව හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41