දකුණු අප්‍රිකානුවන්ට ඉන්දියාවෙන් ප්‍රබල ඉලක්කයක්

ලෝක කුසලාන තරගවලියේ ඉන්දීය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 326ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ, අනුව කොල්කටා හිදී පැවැත්වෙන මෙම තරගය ජයගැනීමට නම් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 327ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙම තරගයේ ඉන්දීය ඉනිම වෙනුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 49 වන ජගත් එක්දින ශතක රැස් කිරීමට සමත් වුණා.

කෝලිගේ මෙම සුපිරි ඉනිම වටා ගොඩනැඟුණු ඉන්දීය ඉනිමට ශ්‍රෙයාස් අයියර් ලකුණු 77ක් එක් කළා.

ඊට අමතරව නායක රෝහිත් ශර්මා ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ලුංගි න්ගිඩි, මාර්කෝ ජැන්සන්, කගීසෝ රබාඩා, කේෂව් මහාරාජ් සහ තබ්‍රයිස් ෂම්සි එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38