දුරකථන කුළුණුවලින් බැටරි පැන්නූ 3ක් අත්අඩංගුවට

දුරකතන සංඥා කුළුණුවල ඇති රුපියල් ලක්ෂ 70කට අධික බැටරි සොරාගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ විස්සකට ආසන්න බැටරි සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා ප්‍රසිද්ධ පෞද්ගලික දුරකථන සමාගමක උප කොන්ත්‍රාත්කරුවකු යටතේ සේවය කරන්නන් බව හෙළිවී තිබෙනවා.

බෝකුන්දර ප්‍රදේශයේ දුරකථන කුළුණක සවි කර තිබූ බැටරි 4ක් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව CCTV දර්ශන අනුව පරීක්ෂණ පවත්වා වෑන් රථයක ලියාපදිංචි අංකයක් ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එහි රියදුරු රන්සෑගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී තවත් දෙදෙනකු සමග එක්ව සිදු කළ සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය කියාසිටියේ.

ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා ද වග සහ රන්සෑගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී පොල්ගස්ඕවිට, බෝකුන්දර, බටුවන්දර, කනම්පැල්ල, හබරකඩ උතුර, හෝමාගම උතුර හා වෙනිවැල්කොල ප්‍රදේශවල පිහිටි එකම සමාගමකට අයත් දුරකථන කුළුණු 8 කින් බැටරි 20 කට.අධික ප්‍රමාණයක් සොරාගෙන ඇතැයි හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එම බැටරි දෙල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කර තිබියදී ඉන් කිහිපයක් පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00