වන සතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළට

වන සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වගාහානි වැඩිපුරම සිදු කරන වනසතුන්ගෙන් රිළවා ප්‍රධාන වන අතර මොණරුන්, ඉත්තෑවුන්, වල් ඌරන් හා දඬු ලේනුන් සිදු කරන වගාහානි ඉහළ ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ සියලු උපක්‍රම අසාර්ථක වී තිබෙනවා. වසරකට එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 31,000කට අධික ප්‍රමාණයක් වනසත්ව හානි හමුවේ රටට අහිමි වන බව සඳහන්.

2022 වසරේ දී රිළවුන් විසින් කා දමා විනාශ කර ඇති පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 200ද ඉක්මවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් රට පුරා ගොවි ජනතාව විසින් වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ඉල්ලිම් ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඊයේ (04) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ට වගා ආරක්ෂා කර ගැනීමට වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන් දෙකක් ලුණුගම්වෙහෙර හා සූරියවැව දී සිදු කෙරුණා.

ලුණුගම්වෙහෙර තල් සංවර්ධන මණ්ඩලයේ දී හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීයි මෙම වැඩසටහන් පැවැත්වුණේ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් 50% ණය සහන පදනමක් මත මෙම වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහිදී එම වායු රයිෆල්වල වටිනාකමින් 50%ක් රජය විසින් දරණ අතර ඉතිරි 50% ගොවින් විසින් ගෙවිය යුතුයි.

වනසතුන් පළවා හැරීම වගා හානි ගැටළුවට ස්ථිර විසඳුමක් නොවන අතර ඊට එකම විකල්පය වනසත්ව ගහණය පාලනය කිරීම පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සඳහා පළමු අදියර යටතේ රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමට මුලික පියවර ගත්තත් සත්ව මිත්‍ර සංගම් යැයි කියා ගන්නා පිරිසක් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ අතරමඟ නතර කිරීමට සිදුවුණා. නමුත් ගොවි ගැටළුවට පිළිතුරු මෙතෙක් ලබා දීම අපොහොසත් වී තිබෙනවා.

එබැවින් ඉදිරියේ දී ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි ඇතැම් විට පතරොම් තුවක්කු පවා නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙම වැඩ සටහන යටතේ ලබන වසරේ දී දීපව්‍යාප්තව තවදුරටත් වායු රයිෆල් ලබා දෙන බව කී අමාත්‍යවරයා මෙම වායු රයිෆල් කිසිසේත්ම මිනිසුන් ඉළක්ක කර භාවිතා නොකරන ලෙසට උපදෙස් දී ඇතැයි ද එසේ කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18