පස් කණ්ඩියකට යටවීමෙන් කාන්තාවක් මරුට

මහනුවර මහියංගණය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේදී කඩා වැටුණු පස් කන්දකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග තාවකාලිකව ඉදි කර තිබූ පළතුරු වෙළඳසැලක පිටුපස තිබූ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ හිමිකාරිය ලෙසට කටයුතු කළ රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.

ප්‍රදේශවාසීන් විසින් පස් කන්දට යටවූ කාන්තාව සොයාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුලත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෘත ශරීරය තෙල්දෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51