රටින් පන්නන්න ගිය රත්‍රං සමග 5ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පෙරේදා (03) සවස මන්නාරම, ඔළුතුඩුවායි මුහුදු තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 2යි ග්‍රෑම් 150ක් සමඟ සැකකරුවන් 5දෙනෙකු ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් සමග නාවික හමුදා භාරයට ගැනුණා.

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟිනුයි වැටලීම සිදු කළේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම රත්‍රං හමුවී තිබෙනවා.

ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේ දීයි, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථය සහ යතුරු පැදිය නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනා. එම සැකකරුවන් රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව, ත්‍රීරෝද රථය සහ යතුරු පැදිය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56