කොලරාඩෝ ප්‍රාන්තයේ වෙඩි තබා 10ක් මරා දමයි

එක්සත් ජනපද කොලරාඩෝ ප්‍රාන්තයේ සිල්ලර වෙළඳසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තුවක්කුකරුවෙකු පොලිස් නිලධාරියෙකු ඇතුළු 10 දෙනෙකු එහිදී ඝාතනය කර තිබෙන බවයි වාර්තා වන්නේ . මෙම වෙළඳසැලේ රැඳී සිටි තුවාල ලැබූ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකු විසින් සජීවීව යූ ටියුබ් ඔස්සේ විකාශය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා