සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන 9ක්

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා,

“GIS” සහ “GPS Mapping” මඟින් පළාත් පාලන ආයතනවල සියම මාර්ග ඛණ්ඩාංක ගත කර මාර්ග ඉන්වෙන්ට්රියක් සකස් කර එම මාර්ග 1987/ අංක 15 දරණ පළාත් පාලන ආයතන පනතේ විධිවිධාන ප්‍රකාරව ගැසට් නිවේදන මඟින් පලකර එහි අයිතිය පළාත් පාලන ආයතන වෙත තහවුරු කිරිමට නියමිතව තිබෙනවා. අප එම වැඩපිළිවෙල වයඹ පළාත තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. එම ක්‍රමවේදය සියළුම පළාත් ආවරණය කිරිම සඳහා වන ප්‍රතිපත්තිමය තීරණය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර 2023.10.09 දින ඊට අනුමැතිය ලබා ගෙන තිබෙනවා. වසර 36කින් සිදුකිරීමට අපොහොසත් වූ මාර්ග සිතියම් ගත කිරීමේ ක්‍රමවේදය අප වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සිදුකරනවා.

එමෙන්ම උතුරු මැද හා උතුර යන පළාත් මේ වන විට මාර්ග හඳුනාගෙන ඛණ්ඩාංක සලකුණු කිරිම අවසන් කර තිබෙනවා. එය 2023.12.31 දිනට පෙර එම පළාත් දෙකෙහි කටයුතු අවසන් කිරීමට නියමිතයි. ඉතිරි පළාත් 06 සඳහා කාල රාමුවක් සකස් කර පුහුණුවීම් ලබා දී 2024 වසරේදි ඉලක්කය සපුරා ගැනිමට අපේක්ෂා කරනවා.

අප අමාත්‍යංශය යටතේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් හරහා පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට කටයුතු කරනවා. ඉන් සෞඛ්‍ය අංශය වෙනුවෙන් මිලියන 4,500ක් ලබා දීමට කටයුතු කරනවා. ලබන වසරේ ජූනි මාසය අවසන් වන විට අදාළ පළාත්වල සෞඛ්‍ය ගැටළු විසදීමට කටයුතු කරනවා.

එම පළාත්වල තිබෙන පාසැල්වල පවතින අඩුපාඩු පිරිමසා ගැනීම වෙනුවෙන් තවත් මිලියන 4,500ක් ලබාදීමට ද අප කටයුතු කරනවා. ජනවාරී මාසයේ ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය මාස 06ක් තුළ නිම කිරීමට ද බලාපොරොත්තු වනවා.

ඒ වගේම පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින ස්ථිර නොකරන ලද සේවකයින් 8400ක් කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බදවා ගැනීමට කටයුතු කරනවා. ඔවුන් වසර 15ක හෝ ඊට ආසන්න කාලයක් සේවයේ නියුතු පුද්ගලයින් වනවා. පළාත් සභාවලට සේවකයින් 10,000ක පුරප්පාඩුවක් තිබුණා. ඉන් 6000කට වැඩි පිරිසක් බහුකාර්ය සේවකයින් ලෙස ලබා දී තිබෙනවා. මේ මස 10 වන දින වනවිට ඉතිරි පුරප්පාඩු සඳහා එම බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ගෙන් ආවරණය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු සිදු කිරිමට අදාළව මෘදුකාංගය සකස් කිරීම ඉදිරි සති 02ක් වැනි කාලයක් තුළ නිම කිරිමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරිම 2023.11.30 දින වන විට ආරම්භ කිරිමට නියමිතයි.

ඒ වගේම ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් කිරිම සහ සනීපාරක්ෂතා බිම් පිරවුම් ව්‍යාපෘතිය නමින් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්වල සහ සියලු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටළු සඳහා විසදුම් ලබා දිම පිණිස වූ ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේදි ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56