මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – පස් දෙනෙකුට තුවාල

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් 02 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳි ඔයේ අතු ගංගාවකට පෙරලීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර ඊයේ රාත්‍රියේ දී සිදු ව ඇති අතර, අනතුරින් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් වන අතර; තුවාල ලැබූ අයගෙන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබලෙක්.

ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

WhatsApp Image 2023 11 01 at 09.11.22 1
WhatsApp Image 2023 11 01 at 09.11.22
WhatsApp Image 2023 11 01 at 09.11.23 1
WhatsApp Image 2023 11 01 at 09.11.23 2
WhatsApp Image 2023 11 01 at 09.11.23
WhatsApp Image 2023 11 01 at 09.11.24 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29