සංචාරක නිකේතනයට ආ සද්දන්තයා

කහල්ල – පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩ වීමට යන අතරතුර කලාවැව – මහවැලි සංචාරක නිකේතනයට අද දහවල් කාලයේ පැමිණ; කලහකාරී ලෙස හැසිරුණු වන අලියෙකු නිසා එහි කාර්ය මණ්ඩලය මෙන් ම ගම්මානයේ ජනතාව ද භීතියට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; විජිතපුර හා ගල්කිරියාගම වනජීවී කාර්යාලවල නිලධාරීන් පැමිණ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව එම වනඅලියා කලාඔය ආසන්න රක්ෂිතයකට පලවා හැරීමට කටයුතු කෙරුණු බවයි.

බලුලුවැව ප්‍රදේශයේ සිට කලා – බලලුවැව බැම්ම මතින් පැමිණ ඇති එම අලියා කලාවැව මහවැලි සංචාරක නිකේතනය අසලින් බලලුවැවට බැස පිහිනා යමින් කලැවැව සංචාරක නිකේතන භූමියට රිංගාගෙන තිබෙනවා.

එහිදී සංචාරක නිකේතනයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එක් ව වනඅලියා එලවා දැමීමට උත්සාහ ගත් අවස්ථාවේදියි එම සත්ත්වයා කලහකාරී ලෙස හැසිරී ඇත්තේ.

එහෙත් එම වනඅලියා පැය ගණනක් සංචාරක නිකේතන භූමියේ සැරිසරමින් සිට පසුව එම සංචාරක නිකේතනයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් යළි කලාවැව – ගලේවෙල ප්‍රධාන මාර්ගයට පිවිස කලාබලලුවැව බැම්ම ඔස්සේ බලලුවැව දෙසට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව එම වනඅලියා බලලුවැව- මල්වත්ත ගම්මානය දෙසට ගමන් කර ඇති අතර; වනජීවී නිලධාරීන් විසින් සිදු කළ පැය කිහිපයක මෙහෙයුමකින් පසුව ගම්මානය දෙසට ගමන් කළ එම අලියා කලාඔය ආසන්නයේ වූ කැලෑබද ප්‍රදේශයකට පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළා.

මෙම වනඅලියා කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩ වීමට යන අතරතුර මෙලෙස සංචාරක නිකේතනයට පැමිණෙන්නට ඇතැයි වනජීවි නිලධාරීන් විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?