සංචාරක නිකේතනයට ආ සද්දන්තයා

කහල්ල – පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩ වීමට යන අතරතුර කලාවැව – මහවැලි සංචාරක නිකේතනයට අද දහවල් කාලයේ පැමිණ; කලහකාරී ලෙස හැසිරුණු වන අලියෙකු නිසා එහි කාර්ය මණ්ඩලය මෙන් ම ගම්මානයේ ජනතාව ද භීතියට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; විජිතපුර හා ගල්කිරියාගම වනජීවී කාර්යාලවල නිලධාරීන් පැමිණ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව එම වනඅලියා කලාඔය ආසන්න රක්ෂිතයකට පලවා හැරීමට කටයුතු කෙරුණු බවයි.

බලුලුවැව ප්‍රදේශයේ සිට කලා – බලලුවැව බැම්ම මතින් පැමිණ ඇති එම අලියා කලාවැව මහවැලි සංචාරක නිකේතනය අසලින් බලලුවැවට බැස පිහිනා යමින් කලැවැව සංචාරක නිකේතන භූමියට රිංගාගෙන තිබෙනවා.

එහිදී සංචාරක නිකේතනයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එක් ව වනඅලියා එලවා දැමීමට උත්සාහ ගත් අවස්ථාවේදියි එම සත්ත්වයා කලහකාරී ලෙස හැසිරී ඇත්තේ.

එහෙත් එම වනඅලියා පැය ගණනක් සංචාරක නිකේතන භූමියේ සැරිසරමින් සිට පසුව එම සංචාරක නිකේතනයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් යළි කලාවැව – ගලේවෙල ප්‍රධාන මාර්ගයට පිවිස කලාබලලුවැව බැම්ම ඔස්සේ බලලුවැව දෙසට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව එම වනඅලියා බලලුවැව- මල්වත්ත ගම්මානය දෙසට ගමන් කර ඇති අතර; වනජීවී නිලධාරීන් විසින් සිදු කළ පැය කිහිපයක මෙහෙයුමකින් පසුව ගම්මානය දෙසට ගමන් කළ එම අලියා කලාඔය ආසන්නයේ වූ කැලෑබද ප්‍රදේශයකට පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළා.

මෙම වනඅලියා කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩ වීමට යන අතරතුර මෙලෙස සංචාරක නිකේතනයට පැමිණෙන්නට ඇතැයි වනජීවි නිලධාරීන් විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12