චෝදනා අසත්‍යයි පොහොර හිඟයක් නෑ – කෘෂිකර්ම ඇමති

යූරියා ඇතුළු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් විසින් කරන ප්‍රකාශ කිසිඳු පොහොර හිඟයක් රට තුළ නැතැයි කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සැපයීම සිදුකර ඇති අතර, පොහොර කිසියම් ප්‍රදේශයකට හෝ ස්ථානයකට ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දිය හැකි බවත් ඒ අනුව එවැනි හිඟයක් පවතින්නේ නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර රාජ්‍ය අංශයේ පොහොර සමාගම් දෙක මඟින් සහ පුද්ගලික අංශය මඟින් සැපයීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශය සඳහන් කළේ.

රජය විසින් ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර මුදල් උපයෝගී කර ගනිමින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමේ හැකියාව පවතින අතර, එමෙන්ම රජයේ පොහොර සමාගම් දෙක විසින් රුපියල් 9000ක මිලකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් අලෙවි කරන අතර පුද්ගලික අංශය විසින් මේ වනවිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 8500ක් දක්වා අඩුකර තිබෙනවා.

මෙවර මහ කන්නයේ දී යූරියා හා බන්ඩි පොහොර රජය හා පුද්ගලික අංශය මඟින් සපයන අතර මඩ පොහොර පුද්ගලික අංශය මගින් සැපයීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03