AFC Banner
Empty Ad
Empty Ad

තේ පැළ නිෂ්පාදනයේ වගකීම පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට

වසරකට තේ පැළ මිලියන 20ක් බැගින් නිෂ්පාදනය කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට පැවරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

මෙරට තේ කර්මාන්තය තුළ ඇති තේ වගාවන් සඳහා අලුතින් වගා කිරීම, පාළු සිටුවීම ඇතුළු අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන පැළ ප්‍රමාණය මිලියන 20ක්.

එහෙත් ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නොලැබීම තේ වගාවන්හි අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරන අතරම තේ වගාවේ නෙමටෝඩා හෙවත් වටපණු රෝගය ඉහළ යාමට ද බලපාන බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානය මගින් සිදු කිරීමට ඊයේ (28) තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ ගන්නොරුව සේවා අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත් වූ අතර ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

දැනට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන තේ පැළ ප්‍රමාණය මිලියන 20ක්. බොහෝ තේ වගා කරුවන් තේ පැළ තවාන් වලින් ලබා ගත්ත ද එම තවාන්වලින් ලබා ගන්නා තේ පැළවලින් ලැබෙන අස්වැන්න මෙන්ම වටපණු රෝගය බරපතල ලෙස පවතින බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ගුණාත්මකබවින් යුත් තේ පැළ ලබා නොදීම නිසා මේ වනවිට තවාන් 20ක බලපත් අහෝසි කර තිබෙනවා. එමෙන්ම රුපියල් මිලියන 490ක සහානාධාර ලබා දීම මගින් තවත් තේ පැළ කිරීමේ තවාන් 200ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එබැවින් ගුණාත්මක භාවයෙන් ඉහළ තේ පැළ නිපදවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස එම අධිකාරියේ නිලධාරින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

මෙම කරුණු සළකා බලමින් තේ පැළ මිලියන 20ක් වාර්ෂිකව නිෂ්පාදනය කිරීම සඳහා වන වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරීමට ඊයේ පියවර ගෙන තිබෙනවා.

ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසිනුයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සපයනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12
Video thumbnail
පාස්කු ප්‍රහාරය එක්කෙනෙක් බලයට එන්න කරපු මගුලක් කියලා රටම දන්නවා #pasku
01:44
Video thumbnail
2019 ජොන්ස්ටන්ට එරෙහිව අනුර දාපු නඩුව අද විභාගයට ගැනෙයි
03:15
Video thumbnail
හිටපු පොලිස්පති කාලෙකට පස්සේ කරළියට
08:50
Video thumbnail
Breaking news 🛑අරුගම්බේ සිද්ධිය ගැන අසද් සාලිගේන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:04
Video thumbnail
කුඩු වලින් තොර අම්බලංගොඩක් - මෙන්න ජනපතිගෙන් ලැබුන උපදෙස
01:54
Video thumbnail
හිටපු ඇමති කංචනට හොඳටම තදවෙයි
31:04

?