ඊජිප්තුවේ රිය අනතුරු පෙළකින් 32ක් ජීවිතක්ෂයට

ඊජිප්තුවේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

කයිරෝ අගනුවරට උතුරින් කිලෝමීටර් 131ක් (සැතපුම් 82ක්) ඔබ්බෙන් කයිරෝ-ඇලෙක්සැන්ඩ්‍රියා මාර්ගයේ බෙහෙයිරා ප්‍රදේශයේ මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය පුවත්පතක් වන Al-Ahram පැවසුවේ මගී බස් රථයක් සහ මෝටර් රථ කිහිපයක් අනතුරට ලක් වී ඇති අතර ඉන් ඇතැම් වාහන ගිනිගෙන ඇති බවයි. මියගිය අයගෙන් බොහෝ දෙනෙකු පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය ගිය බව එහි සඳහන්.

කයිරෝ සහ මධ්‍යධරණී නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාව යා කරන අධිවේගී මාර්ගයේ කයිරෝ බලා යමින් සිටි මගී බස් රථයක් උදෑසන මීදුම් තත්ත්වය හමුවේ නවතා තිබූ වාහනයක ගැටීමත් සමඟ මෙම අනතුරු මාලාව සිදු වූ බව ප්‍රාදේශීය මාධ්‍ය සහ බලධාරීන් පවසනවා.

ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගිලන්රථ 20ක් අනතුර සිදුවූ ස්ථානයට යවා ඇති බවයි.

පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් වාහනයකින් තෙල් කාන්දු වීම ගිනි ගැනීමට හේතු වූ බවයි.

වාහන 29ක් අනතුරට ලක්ව ඇති අතර මගී බස් රථයක් ඇතුළු 6ක් ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වනවා.

ප්‍රාදේශීය වාර්තාවලට අනුව අධිවේගී මාර්ගවල අධික මීදුම ගැන ඊජිප්තු කාලගුණ අධිකාරිය මෙම අනතුර සිදු වීමට දිනකට පෙර අනතුරු අඟවනු ලැබුවා.

මාරක මාර්ග අනතුරු ඊජිප්තුවේ සාපේක්ෂව සුලභ වන අතර නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2021 වසරේ දී රිය අනතුරුවලින් පුද්ගලයන් 7,000ක් මිය ගොස් තිබෙනවා. බොහෝ විට අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රිය පැදවීම සහ දුර්වල මාර්ග තත්ත්වයන් බව සඳහන්.

මෑත වසරවලදී, ඊජිප්තුව එහි මාර්ගවල සමස්ත ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා නව මාර්ග ජාලයක් ගොඩනගාගෙන යමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59