AFC Banner
Empty Ad
Empty Ad

රැකියාවට ගිය ධීවරයෙක් අතුරුදන්

හලාවත – තොඩුවාව මුහුදු තීරයෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගිය ගිය සුළු පන්න ධීවර යාත්‍රාවක් ගැඹුරු දියඹේදී පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එක් ධීවරයෙකු අතුරුදහන් වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද අළුයම මෙම අනතුර සිදුවී ඇති බවයි. අතුරුදහන්වී ඇත්තේ මහවැව – මට්ටකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට පත්ව ඇති යාත්‍රාවේ සිටි මහවැව – මැදතොඩුවව පදිංචිකරුවෙකු වන අනෙක් පුද්ගලයා වෙනත් යාත්‍රාවකින් ගොඩ බිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදහන් වූ ඇති ධීවරයා මෙතෙක් හමුවී නොමැති බවයි තොඩුවාව පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?