කසකස්තානයේ ගල් අඟුරු ආකරයක ගින්නකින් 28ක් ජීවිතක්ෂයට

කසකස්තානයේ ගල් අඟුරු ආකරයක ඇති වූ ගින්නකින් කම්කරුවන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීතේන් වායුව හේතුවෙන් සිදු වූ පිපිරීමක් මෙය හඳුනාගෙන ඇති අතර පසුව, පතලේ සිටි පුද්ගලයින් 252 දෙනාගෙන් 206 දෙනෙකු ඉවත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 18 දෙනෙකු වෛද්‍ය ආධාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්. අද පස්වරු 2 වන විටත් පුද්ගලයින් 21 දෙනෙකු පමණ සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

කසකස්තානයේ හදිසි අවස්ථා පිළිබඳ අමාත්‍යාංශයට අනුව, ArcelorMittal Temirtau විසින් මෙහෙයවනු ලබන ගල් අඟුරු ආකරයකයි ගින්න සිදුවී ඇත්තේ.

ArcelorMittal Temirtau යනු ලොව දෙවන විශාලතම වානේ නිෂ්පාදකයා වන ලක්සම්බර්ග් පදනම් කරගත් බහුජාතික සමාගමක්. එය කසකස්තානයේ කරගන්ඩා කලාපයේ ගල් අඟුරු පතල් අටක් සහ මධ්‍යම හා උතුරු කසකස්තානයේ තවත් යකඩ ආකර හතරක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙම ගින්න ArcelorMittal Temirtau විසින් මෙහෙයවනු ලබන වැඩබිම් වල සිදුවන මරණ වැලක නවතම සිදුවීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. පසුගිය අගෝස්තු මාසයේදී, පතලක ගින්නක් ඇතිවීමෙන් කම්කරුවන් හතර දෙනෙකු මිය ගිය අතර, 2022 වසරේ නොවැම්බර් මාසයේ වෙනත් ස්ථානයක මීතේන් කාන්දුවකින් 5 දෙනෙකු මිය ගියා.

කසකස්තාන් ජනාධිපති Kassym-Jomart Tokayev සෙනසුරාදා පැවසුවේ තම රජය Arcelormittal සමඟ ඇති ආයෝජන හවුල්කාරිත්වය අවසන් කරන බවයි. ඔහු මියගිය අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර හෙට (29) ජාතික ශෝක දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටියේ රටේ විශාලතම වානේ කම්හල පවත්වාගෙන යන සමාගම ජනසතු කිරීමේ ගනුදෙනුවක් අවසන් කරමින් සිටින බවයි. ArcelorMittal සමාගම ද එය තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15
Video thumbnail
හැම ගොවියාවම රජ කරනවා කියලා අපි කිව්වේ නෑ
12:27
Video thumbnail
නිදොස් කොට නිදහස් කරන යැයි ඉල්ලා සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්
01:50
Video thumbnail
මරික්කාර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
වසන්තගේ වීඩියෝ එකක් ලීක් වෙයි..ලාල්කාන්තට කට උත්තර නැතිවෙයි ?මුන්ට මෝ#ල් ක්ලාන්තය
06:19
Video thumbnail
ලාල් කාන්තගේ කතාව නිසා ගොවීන්ට රතු කට්ට පනී
05:21
Video thumbnail
ලැජ්ජා නැද්ද.. ඇමතිවරුන්ට ලස්සන ජීවිතයක් හදාගෙන ඉන්නේ
06:18
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31