AFC Banner
Empty Ad
Empty Ad

ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව දිවයිනට (ඡායාරූප)

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකා ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සිසුවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය රටවල් 75ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය 14 වනදා සිට ඊයේ දින දක්වා ඊජිප්තුවේ දී පැවැත්වුණා.

ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.

රන් පදක්කම් දිනූ සිසුවිය අද උදෑසන 09.05ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක්, ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් සහ ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?