Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලාංකික අඹුසැමි යුවලගේ දේහයන් අද දිවයිනට

මැලේසියාවේ සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණ යුවලගේ මෘත දේහ අද දිනයේ දී මෙරටට ලැබීමට නියමිත ව තිබෙනවා.

අදාළ මරණයන් සම්බන්ධයෙන් සිදු විය යුතු නීතිමය කටයුතු සිදු කර අවසන් බැවින්, අද පස්වරුව වන විට මෘතදේහ මෙරටට හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ, එම මියගිය යුවලගෙ සිව්මස් හැවිරිදි දියණිය ද අද දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත බවයි.

දැනට ඇය ඔවුන්ගේ ඥාතිවරයෙකුගේ භාරයේ පසුවනවා.

පසුගිය 21 වැනිදා වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මෙම අඹුසැමි යුවල මැලේසියාවේ දී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඔවුන් රැකියා සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පූර්ණ අවසරය මත විදෙස්ගත වූවන්.

මියගිය දෙපළ ගාල්ල – වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
0
+1
7
+1
93
+1
14
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25

?