ශ්‍රී ලාංකික අඹුසැමි යුවලගේ දේහයන් අද දිවයිනට

මැලේසියාවේ සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණ යුවලගේ මෘත දේහ අද දිනයේ දී මෙරටට ලැබීමට නියමිත ව තිබෙනවා.

අදාළ මරණයන් සම්බන්ධයෙන් සිදු විය යුතු නීතිමය කටයුතු සිදු කර අවසන් බැවින්, අද පස්වරුව වන විට මෘතදේහ මෙරටට හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ, එම මියගිය යුවලගෙ සිව්මස් හැවිරිදි දියණිය ද අද දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත බවයි.

දැනට ඇය ඔවුන්ගේ ඥාතිවරයෙකුගේ භාරයේ පසුවනවා.

පසුගිය 21 වැනිදා වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මෙම අඹුසැමි යුවල මැලේසියාවේ දී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඔවුන් රැකියා සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පූර්ණ අවසරය මත විදෙස්ගත වූවන්.

මියගිය දෙපළ ගාල්ල – වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46