වාර්තා අලුත් කළ ඔස්ට්‍රේලියාවට ලකුණු 309ක විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 309ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කණ්ඩායම අද සමත්වුණා.

තරගය පැවැත්වුණේ දිල්ලිහිදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් ලබාගත්තා.

මෙම තරගයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ වාර්තා අලුත් කිරීමට ග්ලේන් මැක්ස්වෙල්ට හැකියාව ලැබුණා.

ඒ ලෝක කුසලාන තරගයකදී ලබාගත් වේගවත්ම ශතකය තමාගේ නම ඉදිරියෙන් ලියා ගනිමින්. මැක්ස්වෙල් පන්දු 40කින් එම ශතකය ලබාගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ද සමගින්. Logan van Beek ගේ පන්දුවක් හමුවේ Sybrand Engelbrecht අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට මැක්ස්වෙල් ලකුණු 106ක් ලබා සිටියා.

ඩේවිඩ් වෝනර් ලකුණු 104යි. හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් එම ලකුණු 104ට ඇතුලත් වුණා. ස්ටීවන් ස්මිත් 71යි. Marnus Labuschagne ලකුණු 62ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek කඩුලු 4ක් සහ Bas de Leede කඩුලු 2ක් බිඳ හෙලුවා.

අද තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක Bas de Leede යැවූ පන්දු වාර 10දී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 115ක් රැස් කර ගත් අතර එය එක්දින තරගාවලියකදී පන්දු යවන්නෙක් ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 400ක්.

එහෙත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 21ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි. Vikramjit Singh ලකුණු 25යි.

පන්දු යැවීමේදී Adam Zampa කඩුලු 4ක් සහ Mitchell Marsh කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඔස්ට්‍රේලියාව අද ලැබූ ජය එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙසට ද වාර්තා අතරට එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47