ඉතාලි ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය සම කිරීමට සැලසුම්

ඉතාලියේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පවසනවා.

දෙරටේ අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා (Giuseppe Valditara) අතර පැවති සාකච්ඡාවක දීයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණේ.

දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික වර්ධනයට මෙන් ම සමාජයීය සහයෝගීතාව වර්ධනයටත් මනා රුකුලක් වන බව ද ඉතාලියේ පැවති මෙම හමුවේ දී අදහස් පළ කළ අමාත්‍යවරුන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

දෙරටෙහි අධ්‍යාපනික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම හමුවේ දී සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ, මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ද ඉතාලියේ වෘත්තීය අවස්ථා හා ගැළපෙන අයුරින් විධිමත් ව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බවයි.

තව ද ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන්ට ඉතාලි භාෂාව විධිමත් ව ඉගෙන ගැනීමට අවශ්‍ය භාෂා විද්‍යාගාරයක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙහි දී ඉල්ලීමක් කර තිබෙනවා.

මෙරට සිසුන් සඳහා ඉතාලියේ උසස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01